Live Science Section

ඔයාගේ blog එකෙනුත් සල්ලි හොයන්න කැමතිද? එහෙනම් මෙතන click කරන්න

Friday 7 September 2012

ආයෙත් සටනක්ද???


ඉස්කෝලෙත් පටන්ගත්තා. හැබැයි ලොකු ප්‍රශ්නයක් තියනවා. පන්තිවල ලමයි නැල්ලු. (පෞද්ගලික ප්‍රශ්නයක් නිසා මටත් මෙ දවස්ටිකේ යන්න බැරිඋනා) ආරංචි වෙන හැටියට පාසල පැත්තෙන්නම් මේක බරපතල ගැටලුවක් වෙලා. කොල්ලන්ගෙන් අහලබැලුවාමනම් උන්ට ගානක් නෑ වගෙයි පේන්නේ. කොහොමත් දැන් ඉතින් ස්කෝලේ එන එකත් අඩු වෙනවනේ කියලා කිහිපදෙනෙක්ම කිව්වා. එහෙම අඩු වෙන්නේ ඇයි කියලා අපි පොඩ්ඩක් හොයලා බැලුවා. මේකයි සිද්දිය. ප්‍රසිද්ද අමතර පන්තිවල ගුරුවරු කිහිපදෙනෙක් Revision Class පටන් අරගෙන. ඒවා දාලා තියෙන්නේ සතියේ දවස්වල. ළමයි ඉස්කෝලේ එන්නේ නැති එක පාසල පැත්තෙන් බරපතල ප්‍රශ්නයක් වෙන්නේ අන්න එහෙමයි. මෙන්න මේ Revision පන්ති ගැන අපි පාසලේ ගුරුවරු කිහපදෙනෙකුගෙනුත් අදහස් විමසලා බැලුවා. ගොඩාක් අය කිව්වේ "පන්තියේ විනාඩි 40හේ පීරියඩ් එකක් එක විදිහට ඉන්න බැරි ළමයිකොහොමද Revision වල පැයගනන් ඉන්නේ කියලා."දැන්ම Revision යන එක බොරු වැඩක් කියලා තමයි ගුරුවරු කිව්වේ. ඔව්, ඒක සාධාරන තර්කයක් කියලා අපිට පිලිගන්න වෙනවා.

ඇත්තටම ලමයි Revision යන්නේ ඇයි? 


ලමයි යන්නේ ප්‍රධාන කාරනා 3ක් නිසා,
1. පාසලේ උගන්වන දේවල් නොතේරීම
2. ‍රැල්ලට (අනිත් උන් යන නිසා අපිත් යනවා)
3. අනවශ්‍යය බිය (ගියේ නැත්නම් විභාගේ ඇනගයි කියන බය)

Revision යන අයගෙන් ඇහුවොත් අයි යන්නේ කියලා, 90% දෙනා කියන්නේ, ඉස්කෝලේ උගන්වන ඒවා තෙරෙන්නේ නෑ කියලා. 5%ක් විතර අය කියන්නේ මුල ටික මගහැරුන නිසා කියලා. අනිත් උන්නම් යනවට යනවා. උන් ගැනනම් ඉතින් මෙතන කතාකරලා වැඩක් නෑ

ඇත්තටම ඉස්කොලේ කරන දේවල් තෙරෙන්නේ නැද්ද?

හොද ප්‍රශ්නයක්, ඇත්තටම ඉස්කොලේ කරන දේවල් තෙරෙන්නේ නැද්ද? ගොඩාක් අය නිතරම කියන දෙයක් තමා ඉස්කොලේ කරන දේවල් තෙරෙන්නේ නෑ කියන එක. (මේක මාගේ අදහසක් නොවන බව කරුනාවෙන් සලකන්න) . හොදයි, අපි දැන් හොදටම දන්න දෙයක් තම්යි මෙම එක පාසලේ ගුරුවරු විසින් කියවනවා කියන එක. අන්න ඒ කාරනය අපිට මෙතනදි යොදාගන්න පුලුවන්.ඇත්තටම ඉස්කොලේ කරන ඒවා තේරෙන්නේ නැත්නම් පල්ලෙහයින් Anonymous විදිහට Comment එකක් දාන්න. මොකද දැන් තියන තත්වය අනුව ලමයින්ට නිදහසේ තමන්ගේ අදහස්වත් පාසල තුල ප්‍රකාශ කරන්න බැනේ. (එහෙම කරලා උන දේවල් දන්නවනේ) ඒ නිසා මෙතන Comment කරන්න.

මතු සම්බන්ධයි... සංවාදයට විවෘතයි...


25 comments:

  1. මටනම් තේරෙනවා

    ReplyDelete
  2. Iskolen apata siduwan a kenehelikam hela dakimu,

    ReplyDelete
  3. Jayathilakage pothen chemistry igenagena exam 1ta ewaliwwata pass wenna be ne.....

    Ugannanawa kiyanne Duwage note 1 e widihatama iskoledi dena 1ta newei ne...

    Aththa kiyanna baya wenna ona ne....he....

    ReplyDelete
    Replies
    1. eka duwage note 1nam nwei, oya dawasak e potha illan balana. eka aithikaraya kawda kyala e pothe liyalaa tyanawa. poddak hoyala balala kathakaranna.

      Delete
    2. ඇත්ත ප්‍රකාශ කිරිම ගැන අත්තටම සතු‍ටුවෙනවා. නමුත් පසු ප්‍රතිඵල ගැන මම වගකියනු නොලබේ. මාත් දැකලා තියනවා ඒක තිසර කියන විදිහට වෙන එක්කෙනෙක්ගෙ පොතක් නෙවේ කියලා. ඒක අයිතිකාරයාගෙම පොතක්.

      Delete
    3. Ha..ha... Ilaga dawase hoyala balala katha karannam... K,

      Delete
  4. මෙතන ඕනෙම කෙනෙකුට අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියනවා. ප්‍රශ්න ඇතිකරගන්න එපා. කාටවත් හානියක් නොවෙන්න තමන්ගේ අදහස (තේරෙනවද නැද්ද කියලා) ප්‍රකාශ කරන්න. එහෙම නොවුනොත්නම් ඉතින් මට Comments Filter කරන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. Mcn chami, ayeth satanak arabamuda....?

      Delete
    2. මම මේ දවස්වල බොහොම නිහඩ සටනක් ගෙනියන්නේ. මට වෙන මෙව්වා වලට විරුද්ධව.

      Delete
  5. Aluth lowak gena sitheema daduwam dena warada nam....
    Kumata erata adikaranaya neethiya saha winisuran....:-q

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඒක වෙනම මාතෘකාවක්.

      Delete
    2. අලුත් ලොවක් ගැනනම් මෙන්න මේ blog එකේ comment කරන්න.
      http://magejointeka.blogspot.com/

      Delete
  6. චමීටනම් පාසලේ උගන්වන ඒවා ඔක්කොටම වඩා තේරෙනවනේ?? නේද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. මටනම් තේරෙනවා

      Delete
    2. Therunata wedak ne ne, e note walin pas papers karanna puluwan wenna ona, ethakota thamai e guruwaraya hariyata ugannanawada kiyala balaganna puluwan wenne,

      Delete
  7. චමී past papers කරන්නේ නෑනේද? අනික papers කරන්න පුලුවන්කම කියන්නේ ගුරුවරයා හොදට උගන්වනවා කියන එක නෙමෙයි. ළමයි හොදට ඉගෙනගන්නවා කියන එක. ළමයා හොදට ඉගෙනගන්නේ නැත්නම් එයාට මුකුත් කරගන්න බෑ

    ReplyDelete
    Replies
    1. මමනම් pas ppr කරන්නේ නැත්තේ කම්මැලිකමට...

      Delete
    2. Guruwaraya hariyata ugannanawanam hariyata note 1kuth denna ona, aduma tharame note 1 balagenawath paper karanna puluwannam e guruwaraya athe wereddak ne,

      Delete
    3. මට පේන හැටියට එතන තියෙන්නේ ඔයාගේ වැ‍රැද්දක්.

      Delete
  8. Oyata godak weradi widihatane penne.... Kannadi 2k wath dala thamai balanna wenne, hema welawema guruwarayawa oluwa uda thiyagena inna epa hodada? Ethakota guruwarayage weradi penne ne, guruwaraya kiyana onawa boruwak pawa piliganne ehema aya, wishayata mul thena deela weda karanawanam guruwaru hariyata ugannanawada kiyana eka hodata therum ganna puluwan, nikan boruwata guruwarayawa adahanna gaththama sidda wenne api nikan anda bakthikayo wena eka witharai, meka hodata therum ganna, nitharama oya hithana 1 hariy kiyala kiyanna epa, anith aya kiyana dewal genath buddimathwa hithala balanna,

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව. අන්න එහෙම වැරදි තියනවානම් දාන්න. ඇනෝ මොකද මේක ගැන කියන්නේ?

      Delete
  9. මට නම් කිසි අව්ලක් නෑ. ඉස්කෝලේ උගන්නනදේවල් හොදට තෙරෙනවා. අය ටියුශන් ගුරුවරු කියලයි ඉස්කෝලේ ගුරුවරු කියලයි වෙනසක් නෑනේ. සමහර ගුරුවරු ඉස්කොලේත් උගන්නනවා. ටියුශනුත් කරනවා. ළමයිත් ඇති තරම් ක්ලාස්වල ඉන්නවා. ඒත් ඉස්කොලේ ඒ ගුරුවරයාගෙන්ම ඉගනගන්න අය උගන්නනවා හොද නෑ කියලා ටියුශන් යනවා. මොනවා කරන්නද. ටියුශන් ගියාට අව්ලක් නෑ. මොකද දෙසරයක් එකමදෙය ඉගනගත්තට වැඩි වෙන්නේ නෑනේ.

    ReplyDelete