Live Science Section

ඔයාගේ blog එකෙනුත් සල්ලි හොයන්න කැමතිද? එහෙනම් මෙතන click කරන්න

Friday 7 September 2012

ආයෙත් සටනක්ද???


ඉස්කෝලෙත් පටන්ගත්තා. හැබැයි ලොකු ප්‍රශ්නයක් තියනවා. පන්තිවල ලමයි නැල්ලු. (පෞද්ගලික ප්‍රශ්නයක් නිසා මටත් මෙ දවස්ටිකේ යන්න බැරිඋනා) ආරංචි වෙන හැටියට පාසල පැත්තෙන්නම් මේක බරපතල ගැටලුවක් වෙලා. කොල්ලන්ගෙන් අහලබැලුවාමනම් උන්ට ගානක් නෑ වගෙයි පේන්නේ. කොහොමත් දැන් ඉතින් ස්කෝලේ එන එකත් අඩු වෙනවනේ කියලා කිහිපදෙනෙක්ම කිව්වා. එහෙම අඩු වෙන්නේ ඇයි කියලා අපි පොඩ්ඩක් හොයලා බැලුවා. මේකයි සිද්දිය. ප්‍රසිද්ද අමතර පන්තිවල ගුරුවරු කිහිපදෙනෙක් Revision Class පටන් අරගෙන. ඒවා දාලා තියෙන්නේ සතියේ දවස්වල. ළමයි ඉස්කෝලේ එන්නේ නැති එක පාසල පැත්තෙන් බරපතල ප්‍රශ්නයක් වෙන්නේ අන්න එහෙමයි. මෙන්න මේ Revision පන්ති ගැන අපි පාසලේ ගුරුවරු කිහපදෙනෙකුගෙනුත් අදහස් විමසලා බැලුවා. ගොඩාක් අය කිව්වේ "පන්තියේ විනාඩි 40හේ පීරියඩ් එකක් එක විදිහට ඉන්න බැරි ළමයිකොහොමද Revision වල පැයගනන් ඉන්නේ කියලා."දැන්ම Revision යන එක බොරු වැඩක් කියලා තමයි ගුරුවරු කිව්වේ. ඔව්, ඒක සාධාරන තර්කයක් කියලා අපිට පිලිගන්න වෙනවා.

ඇත්තටම ලමයි Revision යන්නේ ඇයි? 


ලමයි යන්නේ ප්‍රධාන කාරනා 3ක් නිසා,
1. පාසලේ උගන්වන දේවල් නොතේරීම
2. ‍රැල්ලට (අනිත් උන් යන නිසා අපිත් යනවා)
3. අනවශ්‍යය බිය (ගියේ නැත්නම් විභාගේ ඇනගයි කියන බය)

Revision යන අයගෙන් ඇහුවොත් අයි යන්නේ කියලා, 90% දෙනා කියන්නේ, ඉස්කෝලේ උගන්වන ඒවා තෙරෙන්නේ නෑ කියලා. 5%ක් විතර අය කියන්නේ මුල ටික මගහැරුන නිසා කියලා. අනිත් උන්නම් යනවට යනවා. උන් ගැනනම් ඉතින් මෙතන කතාකරලා වැඩක් නෑ

ඇත්තටම ඉස්කොලේ කරන දේවල් තෙරෙන්නේ නැද්ද?

හොද ප්‍රශ්නයක්, ඇත්තටම ඉස්කොලේ කරන දේවල් තෙරෙන්නේ නැද්ද? ගොඩාක් අය නිතරම කියන දෙයක් තමා ඉස්කොලේ කරන දේවල් තෙරෙන්නේ නෑ කියන එක. (මේක මාගේ අදහසක් නොවන බව කරුනාවෙන් සලකන්න) . හොදයි, අපි දැන් හොදටම දන්න දෙයක් තම්යි මෙම එක පාසලේ ගුරුවරු විසින් කියවනවා කියන එක. අන්න ඒ කාරනය අපිට මෙතනදි යොදාගන්න පුලුවන්.ඇත්තටම ඉස්කොලේ කරන ඒවා තේරෙන්නේ නැත්නම් පල්ලෙහයින් Anonymous විදිහට Comment එකක් දාන්න. මොකද දැන් තියන තත්වය අනුව ලමයින්ට නිදහසේ තමන්ගේ අදහස්වත් පාසල තුල ප්‍රකාශ කරන්න බැනේ. (එහෙම කරලා උන දේවල් දන්නවනේ) ඒ නිසා මෙතන Comment කරන්න.

මතු සම්බන්ධයි... සංවාදයට විවෘතයි...


Tuesday 4 September 2012

ආයෙත් ඉස්කෝලේ පටාන්ගත්තා

සෑ.... ඔන්න එහෙනං ආයෙත් ඉස්කෝලේ පටාන්ගත්තා... අම්මෝ.. ඉස්කොලේ යන්න තියෙන්නෙත් තව අවුරුද්දක් විතරයි. මතක් වෙනකොටත් දුක හිතෙනවා තමා. ඒත් මොනවා කරන්නද? අද අපේ 12 අයියලාගේ ක්‍රිකට් මැච් 1 තිබ්බා. කොහොම හරි ඉතින් අපේ අයියලා ටිකත් මැච් 1 දිනුවා. ඉස්කෝලෙත් පටන්ගත්ත එකේ ඉස්කොලේ මොනවද වෙන්නේ කියලා බලාගන්න අපිත් එක්ක සෙට් වෙන්න....