Live Science Section

ඔයාගේ blog එකෙනුත් සල්ලි හොයන්න කැමතිද? එහෙනම් මෙතන click කරන්න

Thursday 8 November 2012

මේ දවස්වල සද්ද බද්ද නෑ.. කට්ටියත් අඩුයිනේ...... රිවිශන් සීන් 1 නැගලම යන්වා.. මමත් ඊයේ ගියේ... කස්ටිය නෑ කියලා උගන්වන එක නතර කරලානම් නෑ... පට්ට වීඩිටෝ වගයක් තියනවා... ඔහොමම හිටපල්ලකෝ... ඉක්මනටම දාන්නම්....

Thursday 18 October 2012

ගොඩ කාලෙකට පස්සේ නේ?? ටික දවසකට මෙක වහල තියන්න උනත් ඔන්න අද ඉද ආයේ පටාන්ගත්තා. කොල්ලනේ, ඉරිදා තියන GIT exam 1ට හෙට Admission දෙනවා. දන්න හැමොටමත් කියන්න. හැමෝම එන්න. එහෙනම්, හෙට සෙට් වෙමු ඈ...

Friday 7 September 2012

ආයෙත් සටනක්ද???


ඉස්කෝලෙත් පටන්ගත්තා. හැබැයි ලොකු ප්‍රශ්නයක් තියනවා. පන්තිවල ලමයි නැල්ලු. (පෞද්ගලික ප්‍රශ්නයක් නිසා මටත් මෙ දවස්ටිකේ යන්න බැරිඋනා) ආරංචි වෙන හැටියට පාසල පැත්තෙන්නම් මේක බරපතල ගැටලුවක් වෙලා. කොල්ලන්ගෙන් අහලබැලුවාමනම් උන්ට ගානක් නෑ වගෙයි පේන්නේ. කොහොමත් දැන් ඉතින් ස්කෝලේ එන එකත් අඩු වෙනවනේ කියලා කිහිපදෙනෙක්ම කිව්වා. එහෙම අඩු වෙන්නේ ඇයි කියලා අපි පොඩ්ඩක් හොයලා බැලුවා. මේකයි සිද්දිය. ප්‍රසිද්ද අමතර පන්තිවල ගුරුවරු කිහිපදෙනෙක් Revision Class පටන් අරගෙන. ඒවා දාලා තියෙන්නේ සතියේ දවස්වල. ළමයි ඉස්කෝලේ එන්නේ නැති එක පාසල පැත්තෙන් බරපතල ප්‍රශ්නයක් වෙන්නේ අන්න එහෙමයි. මෙන්න මේ Revision පන්ති ගැන අපි පාසලේ ගුරුවරු කිහපදෙනෙකුගෙනුත් අදහස් විමසලා බැලුවා. ගොඩාක් අය කිව්වේ "පන්තියේ විනාඩි 40හේ පීරියඩ් එකක් එක විදිහට ඉන්න බැරි ළමයිකොහොමද Revision වල පැයගනන් ඉන්නේ කියලා."දැන්ම Revision යන එක බොරු වැඩක් කියලා තමයි ගුරුවරු කිව්වේ. ඔව්, ඒක සාධාරන තර්කයක් කියලා අපිට පිලිගන්න වෙනවා.

ඇත්තටම ලමයි Revision යන්නේ ඇයි? 


ලමයි යන්නේ ප්‍රධාන කාරනා 3ක් නිසා,
1. පාසලේ උගන්වන දේවල් නොතේරීම
2. ‍රැල්ලට (අනිත් උන් යන නිසා අපිත් යනවා)
3. අනවශ්‍යය බිය (ගියේ නැත්නම් විභාගේ ඇනගයි කියන බය)

Revision යන අයගෙන් ඇහුවොත් අයි යන්නේ කියලා, 90% දෙනා කියන්නේ, ඉස්කෝලේ උගන්වන ඒවා තෙරෙන්නේ නෑ කියලා. 5%ක් විතර අය කියන්නේ මුල ටික මගහැරුන නිසා කියලා. අනිත් උන්නම් යනවට යනවා. උන් ගැනනම් ඉතින් මෙතන කතාකරලා වැඩක් නෑ

ඇත්තටම ඉස්කොලේ කරන දේවල් තෙරෙන්නේ නැද්ද?

හොද ප්‍රශ්නයක්, ඇත්තටම ඉස්කොලේ කරන දේවල් තෙරෙන්නේ නැද්ද? ගොඩාක් අය නිතරම කියන දෙයක් තමා ඉස්කොලේ කරන දේවල් තෙරෙන්නේ නෑ කියන එක. (මේක මාගේ අදහසක් නොවන බව කරුනාවෙන් සලකන්න) . හොදයි, අපි දැන් හොදටම දන්න දෙයක් තම්යි මෙම එක පාසලේ ගුරුවරු විසින් කියවනවා කියන එක. අන්න ඒ කාරනය අපිට මෙතනදි යොදාගන්න පුලුවන්.ඇත්තටම ඉස්කොලේ කරන ඒවා තේරෙන්නේ නැත්නම් පල්ලෙහයින් Anonymous විදිහට Comment එකක් දාන්න. මොකද දැන් තියන තත්වය අනුව ලමයින්ට නිදහසේ තමන්ගේ අදහස්වත් පාසල තුල ප්‍රකාශ කරන්න බැනේ. (එහෙම කරලා උන දේවල් දන්නවනේ) ඒ නිසා මෙතන Comment කරන්න.

මතු සම්බන්ධයි... සංවාදයට විවෘතයි...


Tuesday 4 September 2012

ආයෙත් ඉස්කෝලේ පටාන්ගත්තා

සෑ.... ඔන්න එහෙනං ආයෙත් ඉස්කෝලේ පටාන්ගත්තා... අම්මෝ.. ඉස්කොලේ යන්න තියෙන්නෙත් තව අවුරුද්දක් විතරයි. මතක් වෙනකොටත් දුක හිතෙනවා තමා. ඒත් මොනවා කරන්නද? අද අපේ 12 අයියලාගේ ක්‍රිකට් මැච් 1 තිබ්බා. කොහොම හරි ඉතින් අපේ අයියලා ටිකත් මැච් 1 දිනුවා. ඉස්කෝලෙත් පටන්ගත්ත එකේ ඉස්කොලේ මොනවද වෙන්නේ කියලා බලාගන්න අපිත් එක්ක සෙට් වෙන්න....

Friday 3 August 2012

ඔන්න ඉතින් අගෝස්තු නිවාඩුවත් පටාන්ගත්තා... අගෝස්තු කියන්නේ ඉතින් සරුංගල් මාසෙනේ... දැන් ඉතින් හිතේහැටියට සරුංගල් යවපල්ලා..අද ඉස්කෝලේ වාර අවසාන ‍රැස්වීමේදී හරි අපූරු දෙයක් සිද්ද වුනා..  ඒ තමයි විදුහල්පතිතුමා කතාව නොපැවැත්වීම.(කොල්ලෝ හූ කියයි කියලා වෙන්න ඇති) ඒ ඇයි කියල හැමෝම දන්නවා ඇතිනේ..
ආයේ ඉස්කෝලේ පටන්ගන්නේ සැප්තැම්බර් 3 වෙනිදා.. ඔන්න ඉතින් මාසයක්ම තියනවා.. අද මම අපේ ටීචර්ස්ලා සැට් 1ට වදින්න යද්දි එක්කෙනෙක් මරු කතාවක් කිව්වා... ඒ තමා "අතපය කඩාගන්නෙ නැතිව, ප්‍රශ්ණ ඇතිකරගන්නේ නැතිව හොද ලමයෙක් වගේ ඉන්න" කියලා..

අන්න ඒක තමා මටත් කියන්න තියෙන්නේ, අතපය කඩාගන්නෙ නැතිව,වලි දාගන්නේ නැතිව හොදට හිටපල්ලා...

මේ සැරේ A/L කරන අපේ V13 කොල්ලෝ ටිකට අපි V12 සෙට් 1 බොක්කෙන්ම සුභ පතනවා..
අයියලාට ජයවේවා....

Monday 30 July 2012




ඊයේ අපේ MEDIA කොල්ලන්ගේ කරලියේ පෙරලිය තිබ්බා. මාත් ඒ පැත්තේ ගියා.. නියමයි ඈ.. සැරටම තිබ්බා.. අද උදේ හමුවුන ගොඩක් දෙනෙකුත් කිව්වා කරලියේ පෙරලිය නියමයි කියලා.. රූප ටිකකුත් පස්සෙ හිමීට දාන්නම්කෝ...










අද Chema.
හෙට කඩ්ඩ....
හෙට කඩ්ඩ ලියන්නෙ කව්දෝ.........
හෙට අපේ YES එකේ එවුන්ගෙ Work Shop 1 තියනවා.. ඒ වගේම IT Day 1ත් තියනවා... ඔක්කොමලා වරෙල්ලා ඈ...

Saturday 28 July 2012

3 Idiots and Physics Practicles

 

මේක උනේ Physics ලැබ් එකේදී (18th July 2012 @ 12.00 noon) . ගුරුතුමිය නැති වෙලාවකදි අපේ ප්‍රොෆාලා තුන්දෙනා තම්යි මේ අටමගුල අටවල ප්‍රැක්ටිකල් කෙර්.(පස්සෙ වැඩේ මාට්‍ටු.) මේක පටිගතකරගත්තේ හොරෙන් ඈ... කාටවත් කියනව එහෙම නෙවෙයි....